News Line| Off Air
Generic placeholder image

Nov
16

අද රැස්වෙන පාර්ලිමේන්තුව නීති විරෝධීයි – SB

567 Views


අද රැස්වෙන පාර්ලිමේන්තුව නීති විරෝධීයි – SB

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද රැස්වෙන පාර්ලිමේන්තුව නීතිවිරෝධී බවත් ස්ථාවර නියෝග අත්හිටුවමින් අද දිනයේදීත් යෝජනාවක් සම්මත කර ගැනිමට යන බවත් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

“අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ උත්සාහයක් තියෙන්නේ. අපි කථානායකට කිව්වා ලංකාවේ බහුතරයක් නැති අගමැතිවරු පත්කර තිබෙනවා කියලා. අගමැති පත්කිරිමත්, ජනපති පත්කිරීමත් ජනපතිට තිබෙන බලයක්. මේක පාර්ලිමේන්තු ක්‍රමයක් තිබෙන රටක් නෙමෙයි. විධායක ජනපති බලයක් තිබෙන රටක්.

විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. එය හරියාකාරව ගේන්න ඕන. අදත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරලා සියලු බලය කථානායකවරයා අරගෙන මේක සම්මත කර ගැනීමට උත්සාහ කරනවා. මේ රැස්වෙන පාර්ලිමේන්තුවත් නීතිවිරෝධීයි. මේ අගමැතිවරයත් මේ ආණ්ඩුවත් නොසැලී ඉදිරියට යනවා.”

යනුවෙන් එතුමා වැඩිදුරටත් අදහස් පල කරා.


News Articles
Latest Videos
Most Popular Post