ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ට එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වන බව වාර්තා වෙනවා.ෆේස්බුක් ආයෝජකයන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ෆේස්බුක් ආයතනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් අනුගාමිකයින් සතු මහජන සම්බන්ධතා ආයතනයක සේවය ලබා ගැනීම හේතුවෙන්.එම මහජන සබඳතා ආයතනය ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම නිසා අපකීර්තියට පත්වූ ආයතනයක් බවටයි වෝදනා ලැබ ඇත්තේ.
කෙසේ නමුත්, සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනයේ දේශපාලන සම්බන්ධය තමා නොදැන සිටි බවයි.