News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

රනිල් – මෛත්‍රි අද තනිව හමුවෙයි ?

1401 Views


රනිල් – මෛත්‍රි අද තනිව හමුවෙයි ?

අද (18)එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර වෙනම හමුවක්  සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා.

අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුව පිළිබද අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

“ගිය සතියේ එතුමාගේ උපදෙස් අනුව තමයි අපි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මත සිට තමයි අද අපි එතුමාව හමුවෙන්නත් යන්නේ. අපි විශ්වාස කරනවා එතුමා විසින් මේ නිර්මාණය කරන ලද දේශපාලන අස්ථාවරභාවය එතුමා විසින්ම තමයි නිවරැදි කරන්න ඕනේ කියලා. අපි සඳුදා දිනයෙත් බලාපොරොත්තු වෙනවා අපිට බහුතරය තියෙනවා කියන එක පෙන්වන්න. මේ තත්ත්වය උඩ අද අපේ අගමැතිතුමාත් බොහෝ දුරට එතුමාව හමුවෙන්න ඉඩ තියෙනවා..කණ්ඩායමක් විදිහට නෙමෙයි තනිවම.” යනුවෙන්ද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post