News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

මෑත ඉතිහාසයේ ඇල්ලූ විශාලම දුම්වැටි තොගය මෙන්න (PHOTO)

879 Views


මෑත ඉතිහාසයේ ඇල්ලූ විශාලම දුම්වැටි තොගය මෙන්න (PHOTO)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසනවා.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීමක් බවයි අනාවරණය වෙන්නේ.

මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සිව් දෙනා කුළියාපිටිය, නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31,49 සහ 40 වයස්වල පසුවන ව්‍යාපාරිකයින් තිදෙනකු සහ වයස අවුරුදු 39 ක් වන ව්‍යාපාරික කාන්තාවක් වනවා.

මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 69 ලක්ෂයක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 690 සගවා ගෙන තිබූ බව රේගුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post