News Line| Off Air
Generic placeholder image

Nov
19

පරිඝණකය ෆෝමැට් කර කූඹියෝ තිරපිටපත් රචක සාගර චන්ද්‍රසිරි අතුරුදන් වෙලා

1573 Views


පරිඝණකය ෆෝමැට් කර කූඹියෝ තිරපිටපත් රචක සාගර චන්ද්‍රසිරි අතුරුදන් වෙලා

මෑත කාලයේ ගොඩක් දෙනා සමාජජාල වෙබ් අඩවිවල කතාබහ කරපු ආදරය කරපු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි කූඹියෝ ටෙලි නාට්‍යය.මේ නාටයයේ තිර රචකයකු වන දමිත සාගර චන්ද්‍රසිරි අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා. මෙම අතුරුදහන් වීම පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබුනු බවට වැලිකඩ පොලීසිය පවසනවා.

දමිත චන්ද්‍රසිරි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වත්තල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි ජීවත්ව සිට තිබෙනවා. මීට දින කිහිපයකට පෙර මෙම අතුරුදන්වීම සිදුව තිබෙනවා.මෙම අතුරුදහන්වීමෙන් පසු දමිත සාගර චන්ද්‍රසිරි පදිංචිව සිටි කාමරය පරීක්ෂා කර බැලූ පසු ඔහුගේ පරිඝණකය හමුව තිබෙනවා. කෙසේ වෙතත් එහි සියලූම දත්ත මකා දමා තිබීම විශේෂයි. තවද මෙම කුලී කාමරයේ හිමිකරුවන්ට දමිත විසින් ගෙවීමට තිබු රුපියල් පන්දහසක මුදලක්ද මෙම කාමරයේ මේසය මත තිබී හමුව තිබෙනවා.මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වලටද දැනුම් දී තිබෙන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post