රනිල් වික්‍රමසිංහට සහය පල කරන මන්ත්‍රීවරුන් 113 ට වැඩි පිරිසක් ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සහිතව අද ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත් කර බහුතර බලය පෙන්වීමට සූදානම් බවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා. නමුත් ඒ සදහා ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ.