News Line| Off Air
Generic placeholder image

Nov
19

ජමාල් කෂෝගි ඝාතනයට උපදෙස් දීලා තියෙන්නේ සෞදි ඔටුන්න හිමි කුමරු – CIA

1157 Views


ජමාල් කෂෝගි ඝාතනයට උපදෙස් දීලා තියෙන්නේ සෞදි ඔටුන්න හිමි කුමරු – CIA

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව යැයි ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. CIA ආයතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය පිළිබඳ සාක්ෂි විස්තරාත්මකව අධ්‍යයනය කර තිබේ.

කෙසේවෙතත්, සෞදි අරාබිය පවසන්නේ මෙය අසත්‍යයක් බවය.එම ඝාතන සැලසුම පිළිබඳව ඔටුන්න හිමි කුමරු දැන නොසිටි බව සෞදි අරාබිය වැඩිදුරටත් පවසයි.මේ අතර අදාළ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන බවට ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රතිඥා දී තිබේ. ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ පැපුවා නිව්ගිනියාවේ සමුළුවකට සහභාගී වී සිටි අතරතුරදීය.


News Articles
Latest Videos
Most Popular Post