එකාබද්ධයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචන්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රිවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත සුත්‍රය,ජය පිරිත සජ්ජායනා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි පවසනවා. ඒ බව පැවසුවේ ඔහු ඊයේ දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..
එජාපය බුදු වදනට අනුව කටයුතු කරණ පක්ෂයක්. එකාබද්ධ කල්ලියේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල හු කිවද, පොත්වලින් දමා ගැසුවද, එජාප මන්ත්‍රිවරු කරණිය මෙත්ත සුත්‍රය ජය පිරිත සජ්ජායනා කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරනවා. අපි ඉදිරියේ දි එජාප ප්‍රමුඛ තනි ආණ්ඩුවක් හදනවා. සර්ව පාක්ෂික සමුළුව නෙවෙයි මොන සමුළුව කැදවුවත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණටයි. 2015 දි එදා මේ රටේ රාජපක්ෂ රජයට එරෙහිව සිටි සියලු බලවේග අද ඉන්නේ එක්සත් ජාතික පෙරමුණ වටායි.ඒ නිසා ජනාධිපතිතුමනි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරිමයි. ඉන් එහා විසදුමක් නැහැ. තවදුරටත් රට අරාජික කරන්න එපා.
අද මහින්ද රාජපක්ෂ මෛත්‍රි ජනාධිපතිතුමාට ලණුදෙන ඊනියා පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඉන්නවා. මේ අයගෙ පක්ෂ ත්‍රිවිල්පක්ෂයි. ශ්‍රි.ල.නිපක්ෂය නැතිකරන්න කම්බස් කරන්න පොහොට්ටුවේ අය කටයුතු කරණවා. බණ්ඩාරණායක පිළිරුව අද කදුළු සලනවා. මේ කල්ලිය එකාධිපති වියරුවක් රට තුල නිර්මාණය කිරිමට කටයුතු කරනවා.