පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදීත් විනාඩි පහකට සීමා උනා. මෙහිදී තේරීම්කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට අවශ්‍ය බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විරෝධය පළකරමින් සඳහන් කළේ බහුතරයක් නොමැති අයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා ගත නොහැකි බවයි.