News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ලංකාවට අාධාර දීම IMF අත්හිටුවයි – බිලියන 30ක විදෙස් ආයෝජනත් අහිමිවෙයි

1867 Views


ලංකාවට අාධාර දීම IMF අත්හිටුවයි – බිලියන 30ක විදෙස් ආයෝජනත් අහිමිවෙයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැන නැගී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර තිබෙනවා.

2016 වසරේ ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම අනුමත විය.

මේ අතර වත්මන් දේශපාලන අර්බුදය හමුවේ මේ වන විට විදෙස් ආයෝජන රුපියල් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමිවී ඇති බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post