News Line| Off Air
Generic placeholder image

Nov
19

ගුවන් හමුදාවේ ආරක්ෂාවත් එක්ක එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් හදිසියේ මන්නාරමට යයි | PHOTO

1350 Views


ගුවන් හමුදාවේ ආරක්ෂාවත් එක්ක එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් හදිසියේ මන්නාරමට යයි | PHOTO

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වී සිටිය බවයි වාර්තා වන්නේ.

මෙම බිම්බෝම්බ නිරීක්ෂණ චාරිකාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් , ජේම්ස් ඩොරිස්, කීටන් ජෙනින්ග්ස්, ජොනි බෙයාර්ස්ටෝ සහ ඔලි ස්ටෝන් යන ක්‍රීඩකයින් සහ ආරක්ෂක නිලධාරීන්, කණ්ඩායමේ කළමනාකරුවන් පිරිසක් එක්ව සිටියා.

යුද සමයේදී පෙරියමඩු ප්‍රදේශය සම්පූරණයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ ප්‍රදේශයක් වන අතර ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයට වෙතට ආසන්න වන විට කොටි සංවිධානය විසින් පෙරියමඩු හි බිම් බෝම්බ ඇතුලු විවිධ වර්ගයේ මර උගුල් විශාල ප්‍රමාණයක් වලදමා ඇති අතර එම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මැග් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදු කරමින් සිටියි.

එංගලන්ත කණ්ඩායම අද දින මන්නාරම ප්‍රදේශයට රැගෙන එමේ වැඩසටහන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කොට තිබූ අතර සියලුම ක්‍රීඩකයින්ට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කමාන්ඩෝ බළකාය විසින් ලබාදී තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post