පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ වන විට සියලුදේම සිදුවන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ හෙයින් ඔහුට වෙන කෙනෙකුට වගකීම් පැවැරිය නොහැකි බවයි.
ඇය මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි . එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීම් ලබාදීම පසුපස සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.
“නිශාන්ත සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මහතා දක්ෂ නිලධාරියෙක්. ඔහු දේශපාලන හස්තයන්ට යටත් නොවූ නිලධාරියෙක්. දැන් නීතිය හා සාමය අමාත්‍යාංශය තිබෙන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේයි. මෙය පැහැදිලිවම ජනපතිතුමාගේ අනුදැනුම මත සිදුවූ දෙයක්.
අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලයේදී කිව්වේ පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ. දැන් ඔක්කොම අතට අරන් කරන්නේ ජනපතිතුමයි.
බොදුබල සේනාවට පහරදුන් සිදුවීම දන්නේ නෑ කියලත් ජනපතිතුමා කියනවා. මෙතුමාගේ පුරුද්ද තමයි බෝලය අනෙක් අයට මාරු කිරීම. දැන් ඒකත් කරන්න බෑ. මොකද දැන් ජනපතිතුමා යටතේයි පොලීසිය තිබෙන්නේ.”