News Line| Off Air
Generic placeholder image

Nov
19

ඊශ්‍රායාලයේ බල පෙරලියක ?

972 Views


ඊශ්‍රායාලයේ බල පෙරලියක ?

ඊශ‍්‍රායලය තුළද මේ වන විට දේශපාලන අර්බුදයක් හට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානයේ බලය ගිලිහී යාමේ අවදානමක් මතුව තිබෙන බවයි. මෙම තත්ත්වය මතුවූයේ එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.

ඒ සමගම අග‍්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින්නේ විපක්ෂයට වඩා එක් ආසනයකින් පමණක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. පාලක සන්ධාන රජයේ තවත් අමාත්‍යවරයෙකු ඊයේ (18) ඉල්ලා අස්වීමට සූදානම් වුවත් ඔහු තවදුරටත් එම ධූරයේ රඳවා තබා ගැනිමට අග‍්‍රාමාත්‍යවරයා සමත්ව තිබෙනවා.

එසේම සිය පාලක සන්ධානයේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු රජයේ ප‍්‍රභල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡුා වට රැසක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post