News Line| Off Air
Generic placeholder image

Nov
19

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බව පාර්ශව 05ක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කියයි

944 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බව පාර්ශව 05ක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කියයි

අද (19) ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අදාළව මැදිහත්කාර පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කළා. මැදිහත්වීමේ පෙත්සම් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශවකරුවන් 05දෙනෙකු මෙම විරෝධතා ගොනු කළ බවයි වාර්තා වෙන්නේ.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 7 වනදා තෙක් බලපැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post