News Line| Off Air
Generic placeholder image

Nov
20

ජනාධිපති අවස්ථාව දෙනවා නම් අද වුණත් 113 පෙන්නනවා

449 Views


ජනාධිපති අවස්ථාව දෙනවා නම් අද වුණත් 113 පෙන්නනවා

මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම නිසාවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍යය වෙත පවසා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හෝ වේලාවක් ලබා දෙන්නේ නම් 113 පෙන්වීමට තම කණ්ඩායම සූදානම් බවද අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

බහුතරය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ සියල්ලද ලබාගෙන තිබෙන බවත්, දිවුරුම් ප්‍රකාශ මගින් හෝ මන්ත්‍රීවරුන් ජනාධිපතිකාර්යාලයට රැගෙනවිත් හෝ බහුතරය පෙන්වීමට සූදානම් බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post