News Line| Off Air
Generic placeholder image

Nov
20

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවයි?

521 Views


නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව ඔහු විසින්ම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නිශාන්ත සිල්වා මහතා සිය ස්ථාන මාරුවට එරෙහිව ජාතික පොලිස් කොමිෂමට ඇපෑලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ දරුණු අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ දක්ෂ පොලිස් නිලධාරියෙක් වශයෙන් නිශාන්ත සිල්වා මහතාට පිළිගැනීමක් පවතිනවා.

මේ වන විට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තබාගෙන ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට යටතට ගත් නිසා පොලිස් දෙපාර්තමේන්තුවද පවතින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post