News Line| Off Air
Generic placeholder image

Nov
20

රන්ජන් මරණ තර්ජන කළ බවට අරුන්දිකගෙන් පැමිණිල්ලක්

457 Views


රන්ජන් මරණ තර්ජන කළ බවට අරුන්දිකගෙන් පැමිණිල්ලක්

පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට අදාළව වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැනුම් දෙමින් මේ බව දැනුම් දුන් වැලිකඩ පොලීස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා විසින් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ බවයි දැනුම් දුන්නේය.

සිද්ධිය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ වැලිකඩ පොලිසිය පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමක් පැවැත්වු බවත් මෙම රැස්වීම අවස්ථාවේදී මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා තමාට පිහියක් පෙන්වමින් ‘‘ඉස්සරහට ආවොත් මරණවා’’ යැයි කියමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ අසල පිහියක් අතැතිව සිටි බවත් පැමිණීල්ල සදහන් බව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය වු ස්ථානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම මහත්වරුන්ද එහි සිටි බවත් පැමිණීල්ලේ සඳහන් බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන්නේ යැයිද දැනුම් දුන්නේය.


News Articles
Latest Videos
Most Popular Post