News Line| Off Air
Generic placeholder image

Nov
20

කජ්ජේ ඉදන් රට කෑවා – බන්දුලගෙන් විශේෂ හෙලිදරව්වක්

977 Views


කජ්ජේ ඉදන් රට කෑවා – බන්දුලගෙන් විශේෂ හෙලිදරව්වක්

එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

“ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී තිබෙනවා. අපි මාස හයකට කලින් කිව්වා ඩොලරය රුපියල් 200ට නගිනවා කිව්වා. ණය ශ්‍රේණිගත කිරිම්වලින් පසුපසට යනවා කිව්වා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ රටට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න බැරි තත්ත්වයට පත්කළා.

මම පැන්ඩා බොන්ඩ් එක ගැන කිව්වා.මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්න විට නොපියවා තිබුණ ණය රුපියල් ට්‍රිලියන 2යි. එතුමා අවුරුදු 10ක් ආණ්ඩු කළා. යුද්ධය තිබුණා. යුද්ධය සඳහා විශාල වශයෙන් ණය ගත්තා. ඛනිජ තෙල් අර්බුදය, ආහාර අර්බුදය තිබුණා මූල්‍ය අර්බුදය තිබුණා මේ සියලු අර්බුද යටතේත ගත්ත ණය අණ්ඩුව බාරදෙන විට ණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10කට ණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. දැන් නොපියවූ ණය ප්‍රමාණය ට්‍රිලියන 11.3යි. අවුරුද්දකට ට්‍රිලියනය බැගින් ණය වැඩිවෙලා තියෙනවා. රට බිත්තියට හේත්තු කරන විට ජනපතිතුමා කිව්වා අර්ථික කළමනාකරණ කමිටු රට කෑවා කියලා.

කජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ. ජනවාරියේ ඩොලර් බිලියන 1000ක් ගෙවන්න තිබෙනවා.ඒක ගෙවන්න අපි කටයුතු යොදලා තිබෙන්නේ. ආණ්ඩුව කාගේ තිබුණත් අපි ණය ගෙවීම පැහැර හැරලා නෑ.”


News Articles
Latest Videos
Most Popular Post