News Line| Off Air
Generic placeholder image

Nov
21

විග්නේශ්වරන් තමන්ගේ තීන්දුව ප්‍රකාශ කරයි

509 Views


විග්නේශ්වරන් තමන්ගේ තීන්දුව ප්‍රකාශ කරයි

හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව යාපනයේදී පැවසීය. විග්නේශ්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලිහි පැවැති ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.

සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වූ අයෙකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ.පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි යන්න විමසූ විට විග්නේශ්වරන් මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post