News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කළ මන්ත්‍රීන්ට එරෙහිව පැමිණිල්ලක්

698 Views


පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කළ මන්ත්‍රීන්ට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි සිදු කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (20දා) කටයුතු සිදු කළා.

මුජිබර් රහුමාන්, සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ යන මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීන් පෙන්වාදුන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තු දේපළවලට හානි කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් කණ්ඩායම හැසිරෙමින් සිටින බවත්, ඒ අනුව එම වැරදි පූර්වාදර්ශයට තිත තැබීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යව ඇති බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post