එදිනෙදා දුම්රියේ ගමන් ගන්නා මගීන් 65, 00 කට අධික සාමාජිකයින්ගෙන් සැදුමත් දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය (www.rdmns.lk) විසින් නොවැම්බර් 22 වෙනිදා පස්වරු 10 ඉඳලා 2 වෙනකන් උතුරු කළුතර දුම්රිය ස්ථානය සහ ඒ අවට පරිශ්‍රය තුළදී Green Island -session V වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ යටතේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම දුම්රිය ස්ථානය , දුම්රිය වේදිකා , දුම්රිය මාර්ග සහ අවට පරිසරය පිරිසිදු කිරීමට සමගාමීව එලෙස අනිසි ලෙස කැළි කසළ බැහැර කිරීම් අවම කිරීම්ව හා වළක්වාලීම සඳහා මඟී ජනතාව දැනුවත් කීරීමේ අරමුණින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමේ ව්‍යපාරයක් , දුම්රිය ස්ථාන අවට හරිතවත් පරිසරයක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් යුතුව ‘තුරු සංවිධානයේ’ දායකත්වයෙන් විසිතුරු හා ඵලදායි පැළ රෝපණ ව්‍යාපාරයක් සහ නිදහස් පුස්තකාල පරිශ්‍රයක් ආරම්භ කිරීම ද සංවිධානය කර තිබේ.
සංචාරක හෝටල්වලින් සුසැදිව දෙස් විදෙස් සංචාරකයින්ගේ හා කළුතර දුම්රිය ස්ථානය ද්විත්වය අවට පිරිසිදුව ත්බා ගැනීම සඳහා මගී ජනතාව දැනුවත් කිරීම මෙහිලා වැදගත් වේ.