News Line| Off Air
Generic placeholder image

Nov
21

ඇමතිවරුන්ගේ ගෙවීම් අත්හිටුවීමට එජාපෙන් තවත් යෝජනාවක්

834 Views


ඇමතිවරුන්ගේ ගෙවීම් අත්හිටුවීමට එජාපෙන් තවත් යෝජනාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ නිසා අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබෙනවා.

එසේම විදේශීය සංචාර, අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව දරණ සියලු වියදම් ගෙවීම් නවත්වන ලෙස ඔවුන් මෙම යෝජනාවෙන් ඉල්ලා සිටිනවා.

මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්, රවී කරුණනායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගණේෂන්, ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් අත්සන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post