News Line| Off Air
Generic placeholder image

Nov
21

නව අගමැතිට මුදල් වෙන් කරන්න එපා | එජාපයේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරයි

973 Views


නව අගමැතිට මුදල් වෙන් කරන්න එපා | එජාපයේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරයි

ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබෙන නිසා නොවැම්බර් මස 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබෙනවා.

නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවි න්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව බාර දී තිබෙනවා.

මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වෙයි.

image 8a8b32efc5


News Articles
Latest Videos
Most Popular Post