News Line| Off Air
Generic placeholder image

Nov
21

ආයෙත් දේශපාලනය නොකළත් කමක් නෑ – කැබිනට් එකට ගත්තා නම් විපක්ෂයට යන්නේ නැහැ

1863 Views


ආයෙත් දේශපාලනය නොකළත් කමක් නෑ – කැබිනට් එකට ගත්තා නම් විපක්ෂයට යන්නේ නැහැ

ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඊයේ (20) පැවති මාධ්‍යය හමුවකට සහග්අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධූරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගන ඉඳීමට තිබුණු බව පැවසුවා. ඊයේ 20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

“පසුගිය වසර 49 ක කාලයක් පුරා මම ශ්‍රීලනිපයට සේවය කළා. වසර 30 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සේවය කළා. ගාල්ලේ ජනතාව දන්නවා මම ගැන. මහින්ද මෛත්‍රී ආණ්ඩු දෙකම මට සැලකුවේ නෑ. මහින්ද ආණ්ඩුව මාව ජේෂ්ඨ ඇමතිවරයෙක් කළා. මෛත්‍රී ආණ්ඩුව මට දුන්නෙත් රාජ්‍ය ඇමතිකමක්.

දින 100 ආණ්ඩුවට එකතු වුන නිසා තමයි 2015 මැතිවරණයේ දී මට ඡන්ද අඩු වුනේ. ඒ අවස්ථාවේ දී චන්දිමට කැබිනට් ඇමතිකමක් දුන්නා. කමක් නෑ. මම ඒ වෙලාවේ හිටියේ නෑනේ. නමුත් එතුමා ඒ ඇමති කම දාලා ගියපු වෙලාවේ මට කැබිනට් ඇමති කමක් දෙන්න තිබුණා. නමුත් දුන්නේ නෑ. ඊට පස්සෙත් දෙන්න අවස්ථාව තිබුණා නමුත් දුන්නේ නෑ. අවසාන මෙහොතේ හෝ දෙන්න තිබුණා නමුත් දුන්නේ නෑ. එදා දින 100 අණ්ඩුවට එකතු වීම නිසා පරාජය වු මට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක්වත් දුනේ නෑ. මම පස්සේ නීතිය අනුව ඇතිවුණ හිඩස නිසා පාර්ලිමේන්තු ආවා. මේ හැම කෙනෙහිලි කමක් ම මම ඉවසාගෙන හිටියා. මම මේ තීරණය ගත්තේ ඉදිරියේ දේශපාලනය නොකරත් කමක් නෑ කියලා හිතගෙන.

ඇත්තටම ගාල්ලේ ජනතාවටත් මටත් ලබාදුන් තත්වය නිසා මම ඇත්ටම කනගාටුවට පත්වෙලා. මේ තීරණය ගන්න අවස්ථාවේ මම ඇත්තටම හිටියේ පීඩනයකින්. ඉතින් ඒ පීඩනයට මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවුන දේවලුත් එකතු වුනාම මාව මේ තීරණයට පෙළඹුනා. මේ ගොල්ලෝ ගාව හිටියා කියලා ගාල්ලේ ජනතාවට සේවයක් කරන්න මට ලැබෙන්නේ නෑ. ඒ නිසා මට තීරණයක් ගන්න වුනා. හැබැයි මට ඒ අවසන් අවස්ථාවේ දී හෝ කැබිනට් ඇමති කමක් ලබා දී වගකීමක් ලබා දුන්නා නම් මෙවැනි තීරණයක් නොගන්න තිබුණා. ශ්‍රීලනිපය වෙනම ඉල්ලපු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාශයක් හෝ දිනුවේ මගේ නායකත්වයෙන් මගේ ආසනයේ විතරයි. ගාල්ලේ ශ්‍රීලනිපයේ අය පෙහොට්ටුවට යනකොට මම තමයි ඉන්න මන්ත්රීයවරු ටික රැකගෙන පක්ෂය රැගන්න කටයුතු කරේ. ඒ වුනාට ඒ වෙනුවෙන් මට ගාල්ලේ ජනතාවට සැලකිල්ලක් ලැබුනේ නෑ.”


News Articles
Latest Videos
Most Popular Post