News Line| Off Air
Generic placeholder image

Nov
22

දැනගෙන කතාකරන්න, එජාප මන්ත්‍රින්ට රනිල්ගෙන් උපදෙසක්

1444 Views


දැනගෙන කතාකරන්න, එජාප මන්ත්‍රින්ට රනිල්ගෙන් උපදෙසක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරනවා.මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම කර කර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් උනා.


News Articles
Latest Videos
Most Popular Post