ආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම හැකිනම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා. පාර්ලිමේන්තුව පැවැති දින කිහිපයේදිම ආණ්ඩු පක්ෂයට උපරිමයෙන්ම ආවේ මන්ත්‍රීවරු 86 දෙනෙක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා.