පසුගිය දවස් වල පාර්ලිමේන්තුව ලංකාවේ ගොඩක් කතා බහ කරන මාතෘකාවක් බවට පත් වුණා. ඒකට හේතුව බවට පත්වුණේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙච්ච කලහකාරී සිදුවීම්. මේ සිදුවීම් වලට මැදිහත් වෙච්ච වෙච්ච තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි නිරෝෂන් ප්‍රේමරත්න කියන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච කලහකාරී සිදුවීම අතරතුරේ දී අතරතුරේදි කවුරුත් දැක්කා නිරෝෂන් කතානායකවරයාගේ දෙසට කොටුවක් විසි කරන ආකාරය ආකාරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ඇමතිවරයාත් සම්බන්ධ වෙලා හිටියා. මෙන්න මේ සිදුවීම ගැන තමන් ලැජ්ජා වන බවට නිරෝෂන් ප්‍රේමරත්න තමන්ගේ මුහුණු පොත හරහා ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. ඔහු කියන විදිහට ඔහුට වැරැද්ද මේ වෙනකොට වෙනකොටත් අවබෝධ වෙලා තිබෙනවා. මේ තියෙන්නේ තමන්ගේ මුහුණු පොත හරහා නිරෝෂන් ප්‍රේමරත්න සමාව ඉල්ලමින් පළකර ති කර තිබූ සටහනයි..
මේ ගතවෙමින් පවතින කාළය තුල ජීවිතයට එකතුකල අවබෝධය වෙනත් කිසිවෙකුට අත්විදින්නට නොලැබෙන බව පමණක් මා දනිමි. සමහර සිදුවීම් සිදුවූයේ මා වෙනුවෙන් ම බව මට වැටහෙන්නේ ඒ තුළින් මා ලැබූ අවබෝධය නිසාය.
මා අතින් වරදක් සිදුවිය. එහි ප්‍රතිඵල මට අත්විදින්නට සිදුවූයේ පාර්ලිමේන්තුවේ සබාඝර්බය තුලදීමය. ව්දුර අයියා මා දෙස බලා උබ දිහා බලද්දී මට හිතුනෙ ඒ එතන හිටියෙ උබ නෙමෙයි කියලයි. හිතට දැනුණු දුගද ලැජ්ජාව ජීවිතයේ යළි කිසිදාක මට ඒ විදිහටම අත්විදින්නට නොලැබෙන බව පමනක් දනිම්.
මා මෙසේ ලියන්නට හිතුවේ හේතු දෙකක් නිසාය. එකක් මා කෙරෙහි සැබෑ ආදරයක් ඇතිව මගේ යහපත් දේ අගයමින් මා දෙස සතුටින් බලා සිටි මිනිස්සුන් වෙනුවෙනි. දෙවැන්න මා දෙස කුහක කමින් බලා මගේ වරදක් සොයමින් සිටි මිනිස්සුන් වෙනුවෙනි.
දේශපාලනය පිළිබඳව කිසිවක් නොකියා එක් දෙයක් පමනක් ලියා තබම්. ඉතා භයානක අදුරු ඉරනමකට මේ රටේ අහිංසක මිනිස්සුන්ට මුහුණ දීමට සිදුව ඇති බවය. ඉතිහාසයේ නිදහස හිමිකර ගැනීම දක්වාත් ඉන් පසුව අද දක්වාත් අපේ මිනිස්සුන්ට විදින්නට සිදු වූ විවිධ අමිහිරි අත්දැකීම් යළි යළිත් අනාගතයේ දී මුහුණ දීමට වන බව පමණි.
ඒවා එදාට වඩා වෙනස් ආකාරයකින් අප වෙතට පැමිණෙනු ඇත . එය එසේ වන තෙක් දැක දැක දැන දැන බලා සිටීම යනු නොදැන වැරදි වන එකට වඩා වැඩි වරදකි. එම නිසා ඊට එරෙහිව ඒ වෙනුවෙන් කල හැකි හොදම ක්‍රියාමාර්ගයන්ට මට හැකි උපරිමයෙන් මා වෙහෙසෙන බව ඔබට කියම්.
පාර්ලිමේන්තුවේ පසුගියදා වූ සිදුවීම මා දැඩි පසුතැවීමටත් කළකිරීමටත් ලැජ්ජාවටත් පත් උනෙමි.
අවසන් වශයෙන් මට ආදරය කල මා විශ්වාස කල ආදරණීයයන්ට යළි එවැන්නක් මා අතින් සිදු නොවන බව පවසම්. මගේ වරදක් සොයමින් මට ඊර්ෂ්‍යා කල අයට යළි එවැන්නක් මා වෙතින් දකින්නට නොලැබෙන නිසා වෙහෙස නොබලා මට තව තවත් පහර දෙන්නැයි යෝජනා කරමි.
ඔබ දෙපිරිසටම ස්තූතියි ..
නරෝශන් ප්‍රේමරත්න ….