ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවා දැමීමට ඇති සමස්ත ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් (රුපියල් බිලියන 1229.8ක්) බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ආර්ථික කවුන්සිලයේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් ඊයේ (22දා) කළ ප්‍රකාශයකට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරිමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය ලලිත් සමරකෝන් ප්‍රකාශ කළේ ලබන වසරේදී කල්පීරිමට ලක්වන ඩොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර සෛවරීත්වය බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට සිදුව ඇති බවත් එය ගෙවීම ශ්‍රී ලංකාවට කිසිම ගැටලුවක් නොවන බවයි.කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ජනතාව නොමග යැවීමක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගෙවීමට සිදුව ඇති අනෙකුත් ණය පිළිබඳව ඔහු ප්‍රකාශ නොකළ බවයි.