News Line| Off Air
Generic placeholder image

Nov
23

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම්වන ලකුණු

496 Views


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම්වන ලකුණු

පසුගිය සභා වාරයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම් යෝජනා කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයා පක්ෂ විපක්ෂ සියල්ලන්ටම දැනුම් දුන්නා. ඒ අනුව මේ වන විට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙනුත් නම් යෝජනා කරන්න පක්ෂ නියෝජිතයින් පියවර ගෙන තිබෙනවා. නමුත් තේරීම් කාරක සභාව තුල බහුතරය පාර්ලිමේන්තුව තුල බහුතරය පවතින පාර්ශවයට අවශ්‍යය බව පවසමින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයත් අද පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පවසා තිබෙනවා. ඒ අනුවයි පක්ෂ නායක රැස්වීම තීරණයක් නොමැතිව අවසන්ව ඇත්තේ. තේරීම් කාරක සභාවට තේරී පත් විය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව13ක්. නමුත් මේ වන විටත් ඊට වැඩි පිරිසකගේ නම් මේ සදහා යෝජනා වී තිබීම නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post