දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළා..
දඹුල්ල වතෙගන්මද්ද ඔය පිටාර ගැලීමෙන් දඹුල්ල කන්දලම උනපදුරුයාය ප්‍රදේශයේ නිවාස 25ක් පමණ ජලයෙන් යටව එක නිවසක් සම්පුර්ණයෙන් කඩා වැටි තවත් නිවාස කීපයකට අර්ධ වශයෙන් හානිවී තිබෙනවා.
ගංවතුරක් පැමිණෙන බව මෙම නිවැසියන් නොදැන සිටි බවත් ඔවුහු පවසනවා. එක වරම රාත්‍රී 8ට පමණ විශාල ජල පහරක් පැමිණ නිවාස මංමාවත් මාර්ග සියල්ල යට වූ බව ඔවුහු පවසනවා.
ජලයෙන් ටව සිටි ප්‍රදේශවාසීන් අසල්වැසි නිවාස වලට ගොස් ජීවිත බේරා ගත් අතර පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරිහු මධ්‍යම රාත්‍රියේ ගම්මානයේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනකුගේ ජීවිත බේරාගත් බව එහි ප්‍රධාන පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
ජලයෙන් යටවූ නිවාස 23 වන දින උදෑසන වනවිටත් ජලය බැස යමින් පැවතිණි.