News Line| Off Air
Generic placeholder image

Nov
24

කථානායකට එරෙහිව විරෝධතා

751 Views


කථානායකට එරෙහිව විරෝධතා

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව සහ පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී ඊයේ (23) දින විරෝධතාවක් පැවැත්විය.

එය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබු අතර හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් මාතලේ ඔරලෝසු කණුව අසලට පෙළපාලියකින් පැමිණ විරෝධතාවේ නියළි මැතිවරණය ලබාදෙන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට අත්සන් තැබිමද සිදු විය.


News Articles
Latest Videos
Most Popular Post