News Line| Off Air
Generic placeholder image

Nov
24

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය කැපේ

935 Views


කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය කැපේ

ත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු අටේ සිට හෙට අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලට මෙහිදී ජල සැපයුම අත්හිටුවෙන බවයි.

මීට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මකයි.

එසේම රත්මලාන සහ සොයිසාපුර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post