News Line| Off Air
Generic placeholder image

Nov
24

සංචාරක ක්‍ෂේත‍්‍රයේ සිදුවූ පසුබෑම යථාතත්ත්වයට පත් කරනවා

740 Views


සංචාරක ක්‍ෂේත‍්‍රයේ සිදුවූ පසුබෑම යථාතත්ත්වයට පත් කරනවා

පසුගිය වසර තුන හමාරක කාලය තුළ සංචාරක ක්‍ෂේත‍්‍රයේ සිදුවූ පසුබෑම යථාතත්ත්වයට පත් කර මෙරට ආර්ථිකයට ප‍්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂේත‍්‍රයක් බවට සංචාරක ක්‍ෂේත‍්‍රය යළි පත් කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් සමග අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට සංචාරක ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු පිළිබද සාකච්ඡාවට එක් වූ වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් දීර්ඝ ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කරුණු දක්වා තිබෙනවා. එම පසුබෑමට බලපෑ ශී‍්‍ර ලංකාව පිළිබඳ ගෙන ගිය ප‍්‍රචාරක කටයුතුවල තිබූ මන්දගාමී බවද මෙහිදි අවධානයට යොමු වී තිබෙනවා. ඒ අනුව විදේශිකයන් අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ආකර්ශනයක් ඇති වන ආකාරයේ ප‍්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ තවත් රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post