News Line| Off Air
Generic placeholder image

Nov
24

වික්ටර්ට නොදෙවෙනි වූ 67 හැවිරිදි ජයසේකර අපෝන්සු 25 තරුණියක් විවාහ කරගනියි | හැමෝටම කියලා ජයටම මඟුල් කන්නයි හිතාගෙන ඉන්නේ

2051 Views


වික්ටර්ට නොදෙවෙනි වූ 67 හැවිරිදි ජයසේකර අපෝන්සු 25 තරුණියක් විවාහ කරගනියි | හැමෝටම කියලා ජයටම මඟුල් කන්නයි හිතාගෙන ඉන්නේ

ජයසේකර අපෝන්සු කියලා කියන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්.ඔහුට දැන් සහකාරියක් සිටිනවා.
දැන් මගේ ජීවිතය වෙනදාට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. මොකද මගේ දුක සැප බෙදා ගන්න සහකාරියක් දැන් මට ඉන්නවා. එයාගේ නම සුජාතා ප්‍රියදර්ශනී.

සුජාතා- මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි කතාබහ කරලා මිත්‍රත්වයක් ඇති කරගත්තේ.

ඒ බැඳීම තවත් ශක්තිමත් වුණේ කොහොමද?

සුජාතා- දවසක් මම කොළඹ ආපු වෙලාවක මට අ‍පොන්සු අයියව බලන්න ඕනෑ වුණා. ඒ කා‍ලේ එයා කලා කාරිනියක් වන පුෂ්පා ජෙනට්ගේ ගෙදර පුංචි කාමරයකයි නැවතිලා හිටියේ. ඒක හොඳටම මකුණු දැල් බැඳුණු බොහොම අපිළිවෙළට තිබුණු කාමරයක්. මට පුදුමත් හිතුණා මේ වගේ වටිනා කලාකරුවෙක් මේ විදිහට ඉන්නේ ඇයි කියලා. එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.

හැබැයි දැන් අලුත් ජෝඩුව ඉන්නේ අලුත් තැනක නේද?

සුජාතා- ඔව්. අපට උයා පිහා ගන්නවත් ඉඩක් ඒ කාමරේ තිබුණේ නැහැ. තුන්වේලටම කඩෙන් කන්න ලොකු වියදමක් දරන්නත් සිද්ධ වුණා. ඒ නිසා අපි දෙකටන ප්‍රදේශයේ පුංචි ගෙදරකට ආවා. අපි ඒ අලුත් නවාතැනට ඇවිත් දැන් මාස තුනක් විතර වෙනවා.

ඔහු මීට පෙර කිහිප වතාවක් විවාහ වී සිටි කෙනෙක්. දෙදෙනා අතර ලොකු වයස් පරතරයකුත් තියෙනවා. මේ දේවල් ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

සුජාතා- මම ඉපදුණේ 1993 අවුරුද්දේ. අ‍පොන්සු අයියා 1951 ඉපදිච්ච කෙනෙක්. ඒ වුණාට මට ඒක ගැටලුවක් ‍නෙවෙයි. එයාගේ අතීතය ගැන හැමදේම අ‍පොන්සු අයියා මට කියලා තියෙනවා. එයාගේ ගෙවල් දොරවල්වත් වෙන දේ‍පොළක්වත් බලාගෙන ‍නෙවෙයි. මම එයා එක්ක ජීවත් වෙන්න ආවේ. එදා එයා තනිවෙලා හිටපු විදිහට මට දුක හිතුණා.

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයිලුනේ. අතීතයේ ලබපු අත්දැකීම් එක්ක ජයසේකර අ‍පොන්සු කියන කලාකරුවා කොහොමද ඉදිරි ජීවිතයට මුහුණ දෙන්න හිතාගෙන ඉන්නේ?

අ‍පොන්සු- මගේ ජීවිතයට ඇතුළු වෙලා මගේ දේවල් හූරාගෙන ගියපු කාන්තාවෝ හිටියා. හැබැයි සුජාතා ඒ වගේ කෙනෙක් ‍නෙවෙයි. ඉන්න ටික කා‍ලේ කලාවත් කරගෙන එයා එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.

කලා කටයුතුවල යෙදෙන්න වෙනදාටත් වඩා නිදහසකුත් දැන් ලැබෙනවා ඇති නේද?

සුජාතා- එයා වෙනදාට වඩා සතුටිනුයි දැන් ඉන්නේ. මේ දවස්වල අලුතින් ටෙලි නාට්‍යයකුත් ලියාගෙන යනවා. මමත් පුළුවන් උපරිම විදිහට ඒ වැඩ කටයුතුවලට උදව් උපකාර කරනවා.

ළඟදී විවාහ උත්සවයක් එහෙම ගන්න සූදානමක් නැද්ද?

අ‍පොන්සු- මොකද නැත්තේ හැමෝටම කියලා ජයටම මඟුල් කන්නයි හිතාගෙන ඉන්නේ.

 

 


News Articles
Latest Videos
Most Popular Post