එක්සත් ජාතික පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (24) මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවා.
අද පෙරවරු 9 ට පමණ මල්වතු මහා විහාරයට පැමිණි වික‍්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් බැහැ දුටු බවයි වාර්තා වෙන්නේ.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥානරතන හිමියන් බැහැ දුටු බවයි වාර්තා වෙන්නේ.