News Line| Off Air
Generic placeholder image

Nov
24

පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද රාජපක්‌ෂ

935 Views


පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද රාජපක්‌ෂ

එක්‌සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්‌ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ රැස්‌වීමක්‌ තිබ්බ නිසා ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා යෑයි අගමැති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (23 වැනිදා) කියා සිටියේය. අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වෙද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සභාවෙන් ඉවත් වූයේ මන්දැයි කළ විමසීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය. “කථානායකවරයා එයාට සිතූ සිතූ ආකාරයට කටයුතු කරනවා. අපිට එයාගෙ වැඩ ගැන කිසිම විශ්වාසයක්‌ නැහැ. ඔහු පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය මුළු පාර්ලිමේන්තු ඉතිහාසයටම කළු පැල්ලමක්‌ එක්‌ කළා. මුළු රටේම ජනතාව අපිත් එක්‌ක ඉන්නවා. ජනතාවගේ සිතුම් පැතුම් සිහිනයක්‌ බවට පත්කළ එක්‌සත් ජාතික පක්‍ෂයත්, යහපාලන ආණ්‌ඩුවත් ගැන ජනතාව ඉන්නෙ අමනාපයෙන්” යෑයිද මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post