වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිම සඳහා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකිමට ඊයේ (24) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා ගොස් තිබෙනවා.
මන්ත්‍රිවරයා මහානායක හිමියන් සමඟ පැයකට ආසන්න කාලයක් සුහද පිළිසදරක යෙදුන බව වාර්තා වුණා.
මෙහිදි රජය විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියා කළාපය, වත්මන් දේශපාලන තත්ත්වය සහ පවතින ගැටලුව නිරාකරණය කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මහානාහිමියන් සහ මන්ත්‍රීවරයා දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
වත්මන් දේශපාලන අර්බුදය තුලින් රට විනාශයට පත්වන බවත්, ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්වන බවත් මහනාහිමියන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
තව ද මන්ත්‍රීවරයා පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ දුප්පත් ජනතා හිතවාදී සෞඛ්‍ය වැඩපිළීවෙල මහානාහිමියන් ඇගයිමට ලක් කර තිබෙනවා.
දැනට පවතින තත්ත්වය තුල සියලු නායකයින් ඒකරාශී වී මෙම දෙශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මහනාහිමියන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියහ.