News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

පොලිස්පතිගෙන් පැය 4 ක ප්‍රකාශයක් ගනියි

616 Views


පොලිස්පතිගෙන් පැය 4 ක ප්‍රකාශයක් ගනියි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අද පෙරවරුවේදී පොලිස්පතිවරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිකිරීමක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ සිදුකරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post