News Line| Off Air
Generic placeholder image

Nov
26

අද පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට

340 Views


අද පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

රට තුළ නීතිය හා සාමය විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනවා.

යම්යම් සිදුවීම් සිදුවිය හැකි බැවින් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උසස් පොලිස් නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට මීට පෙර උපදෙස් ලබාදී තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත්තේ පොලිස් මූලස්ථානයෙන් බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post