ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක් මඟින් නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට යෑවු බවට හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබෙන බවට පළවූ මාධ්‍ය වාර්තා සනත් ජයසූරිය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමන් පුවක් හා සම්බන්ධ කිසිඳු ව්‍යාපාර කටයුත්තකට සම්බන්ද නොමැති බවත්, අදාල ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් තමන්ගේ නීතීඥයින් විසින් දැනටමත් ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.
මීට පෙර පළවූ මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුනේ ව්‍යාජ සමාගමක් මඟින් නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට යෑවීමේ චෝදනාව මත සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර ඇති බවයි.