News Line| Off Air
Generic placeholder image

Nov
26

උතුර කළුතර දුම්රිය ස්ථානය ලස්සන කරපු Green Island සාර්ථකයි

1373 Views


උතුර කළුතර දුම්රිය ස්ථානය ලස්සන කරපු Green Island සාර්ථකයි

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 65000 කට අධික පිරිසකගෙන් සමන්විත දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය දේපල සහ දුම්රිය සේවය පිළිබදව මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කරමින් දුම්රිය ස්ථාන අවට හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරීම අරමුණ කොටගෙන පවත්වනු ලබන ” Green Island” වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 22 දින උතුරු කළුතර දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්විණ.
එහිදී,
– දුම්රිය ස්ථානය අලංකාරවත් සහ හරිතවත්  කරමින් අඹ/ කොස්/ දොඩම් ඇතුලු ශාක රැසක් රෝපණය කිරීම සහ මල්පැල බඳුන් සවිකිරීම.
– දුම්රිය වේදිකාවේ ඇති මගී ආසන වල තීන්ත ආලේප කිරීම
– දුම්රිය ස්ථානය සඳහා සූර්යශක්තියෙන් ක්‍රියාකරන විදුලි පහන් පද්ධතියක් OCTAN ආයතනයේ අනුග්‍රහයෙන් ස්ථාපනය කිරීම.
– නිදහස් පුස්තකාලය විවෘත කිරීම
– දුම්රිය මාර්ගය පිරිසිදු කිරීමද සිදු කෙරිණ.
වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමගින් සමාජ ජාලා, වෙබ් අඩවි සහ Smart ජංගම දුරකථන මාධ්‍යයන්ගේ ප්‍රගමනයත් සමගින්  පුද්ගලයන් අතර සන්නිවේදන කාර්‍යයන් තුල වඩාත් පහසුවෙන් ළගාවීමේත්, තොරතුරු  හුවමාරුවේදීත් වඩාත් ඉක්මන් හා පහසුම මාර්ගයක් ලෙසින් Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි,  Smart ජංගම දුරකථන හා සබැඳි අනෙකුත් ජාල සේවා පත්ව ඇති අතර මෙම සමූහය විසින් මෙම වර්ධනීය සමාජ ජාලගත ආශ්‍රිත කොට ගත්  දුම්රිය හිතැති සමූහයන් ඒකරාශී කර ගනිමින් දෛනිකව එසේ දුම්රියන් තුල ගමනාගමනය කරනු ලබන මගීන්ව ඒ ඔස්සේ යහපත් ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නොයෙකුත් වැඩසටහන් අතර සාර්ථක එක් වැඩසටහනක් ලෙස මෙම “Green Island” වැඩසටහන හදුන්වා දිය හැක.
මෙම අවස්ථාව වෙනුවෙන් කළුතර නගර සභාවේ විපක්ෂ නායක – ප්‍රදීප් කරුණාමුණි මහතා, නගර සභා මන්ත්‍රීනී – දුලානි බලපිටිය මහත්මිය, බන්දුල සෝම ආයුර්වේද වෙද මහතා, තුරු සංවිධානය වෙනුවෙන්  හසංක පාදුක්ක මහතා සහ සංවිධායනවරුන්, ඔක්ටාන් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් විතානාරච්චි මහතාද සහභාගී වූ අතර නිදහස් පුස්තකාලය වෙනුවෙන් පොත්පත් ලබා දීම සදහා නියෝ ග්‍රැෆික් ආයතනය සහ RDMNS සාමාජිකයන් විසින් දායකත්වය සලසන ලදි.


News Articles
Latest Videos
Most Popular Post