News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

සන්ධානය හෙට පාර්ලිමේන්තුවට

869 Views


සන්ධානය හෙට පාර්ලිමේන්තුවට

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එසේම බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තේ නසී’ යන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට පාර්ලිමේනතුව මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් දැන් කථානායක ආරක්ෂක වළළක් තබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.


News Articles
Latest Videos
Most Popular Post