News Line| Off Air
Generic placeholder image

Nov
26

විදේශයන්හි රඳවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට බදු සහන පැකේජයක්

462 Views


විදේශයන්හි රඳවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට බදු සහන පැකේජයක්

මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) ප්‍රකාශ කළා.

එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් අමාත්‍යවරයා කීය.

එලෙස ආයෝජනය කරනු ලබන මුදල් සඳහා අතීතයට බලපාන ආකාරයට බදු පැනවීමක් සිදු නොකරන බවත් අනාගතය සඳහා වසර පහක කාලයක් බදු සහනයක් ලබාදෙන බවත් ඔහු කීය.

මේ හේතුවෙන් වසර දෙකක කාලයක් ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 8 – 10ත් අතර මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ, මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post