News Line| Off Air
Generic placeholder image

Nov
26

අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්න අවස්ථාවක් නෑ

1368 Views


අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්න අවස්ථාවක් නෑ

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් සිටින බවත් තේරීම් කාරක සභාවට නියෝජිතයන් 12ක් අතුළත් හෙයින් අවම වශයෙන් එක් පක්ෂයකට තේරීම් කාරක සභාවේ ආසනයක් ලබා ගැනිමට අවම වශයෙන් මන්ත්‍රීවරු 19ක් සිටය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට තේරීම් කාරක සභාවේ ආසනයක් හිමිවිය නොහැකි බවද ඔහු සඳහන් කළා.

මේ වන විට කතානායකවරයා තම පක්ෂයට හා තම ඥාතීන්ට වාසි දායක අයුරින් කටයුතු කරන බවත් ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරියට යා නොහැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේම මුදල් පනතක් ගෙන ආ හැක්කේ ආණ්ඩු පක්ෂයට පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ මන්ත්‍රී ආසන 101ක් බවත් සන්ධානයට අවම වශයෙන් මන්ත්‍රී ආසන 103ක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව ස්ථාවර රජයක් පිහිටුවීමට කුමන් පක්ෂයකට හෝ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන වසරට අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව දීම බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post