News Line| Off Air
Generic placeholder image

Nov
26

අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන අපි දන්නවා

1017 Views


අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන අපි දන්නවා

අපරාධකරුවන් ආරක්ෂා කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඉත හොඳින් දන්නා බවත් ඒ පිළිබඳව නිසි අවස්ථාවේදී ජනතාව දැනුවත් කරන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.

බැඳුම්කරය ගැන කතා කරන්නේ නැතිව නඩු දාන්න. ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙනුත් නඩු දාන්න. කතා කර මාධ්‍ය සංදර්ශන පවත්වන්න එපා. අපි කියන්කේ ක්‍රියාත්මක කරන්නයි. සාගල රත්නායක කවුරුහරි ආරක්ෂා කරලා තියෙනනාම් ක්‍රියාකරන්න.

අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කළ අය ගැන ඔක්කොටම වැඩිය අපි දන්නවා. බලය තිබෙන්නේ එතුමාට. මේ පිළිබඳව නිසි අවස්ථාව ආවම ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා.”


News Articles
Latest Videos
Most Popular Post