ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.
සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු මෙන්ම සභානායක මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුද නොමැති බවයි.