News Line| Off Air
Generic placeholder image

Nov
26

ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ වයිට් වොෂ් වෙයි

756 Views


ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ වයිට් වොෂ් වෙයි

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමින්.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණයි.

මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වයිට් වොෂ් කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.

එංගලන්තය පළමු ඉනිම 336/10

ශ්‍රි ලංකාව පළමු ඉනිම 240/10

එංගලන්තය දෙවැනි ඉනිම 230/10

ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 284/10


News Articles
Latest Videos
Most Popular Post