News Line| Off Air
Generic placeholder image

Nov
26

තවත් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තු මැතිවරණයට

1230 Views


තවත් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තු මැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් 30 දා පැවැත්වීමට නියමිතය. 2019 වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට මෝටාසා දැනටමත් ප්‍රකාශ කර තිබේ.

සිය තීරණය පිළිබඳව ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වන මොටාසා පවසන්නේ “ මම දේශපාලනයට කැමතියි. අපේ රට දේශපාලනයෙන් තොරව සංවර්ධනය කළ නොහැකි බවට මම විශ්වාසකරනවා.දැන් මට මගේ රට වෙනුවෙන් යමක් කරන්න අවස්ථාවක් තිබෙනවා. මම දන්නේ නෑ 2019 ලෝක කුසලානයෙන් පස්සේ මොනවා වෙයිද කියලා. මම විශ්වාසකරනවා හැම දෙයක්ම කළ යුත්තේ නියම වෙලාවටයි කියලා.”


News Articles
Latest Videos
Most Popular Post