News Line| Off Air
Generic placeholder image

Nov
27

මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

1038 Views


මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර පදිංචි අයෙක්.මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සඳහන් කෙරුණේ. සැකකරුව අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post