News Line| Off Air
Generic placeholder image

Nov
27

ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

1138 Views


ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ.

විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කිරීමටත් සූදානමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post